Friday, January 11, 2019

මිනිස් සංහතියේ අනාගතය | Future of Humanity

මිනිස් සංහතිය ස්වකැමැත්තෙන් වඳ වී යාමට ඇති සම්භාවිතාවය නොසලකා හැරිය හැකි තරම් කුඩාය. එය කිසිදා නොවන දෙයක් ලෙස සැලකීමේ වරදක් නැත.

සිය පැවැත්මේ අර්ථ ශුන්‍යය බව වටහා ගෙන කැමැත්තෙන් පොළෝ තලයෙන් පහ වී යන දිනයක් උදාවීමට පෙර ස්වභාවික විපතක් ආකාරයෙන් හෝ මිනිසා තමා වෙතම පටවා ගන්නා විනාශකාරී ක්‍රියාවක් හේතුකොටගෙන මිනිස් සංහතියේ අවසාන හුස්ම පොද මේ විශ්වයෙන් අනිවාර්‍යෙන් තුරන් වනු ඇත.

එසේම, එදිනට පසුද තව කුමන හෝ ජීවී විශේෂයක් ඉතුරු වේ නම්, ඒ ජීවී විශේෂයද නොකඩවා පරිනාමයට ලක්ව සචේතනික බවින් වැඩි ජීවීන් පිරිසක් බවට පරිවර්තනය වනු ඇත. සචේතනික බව මෙලොව පවතින තාක්, දුක් විඳීමද පවතිනු ඇත.

මිනිසා පොළවෙන් තුරන් වුවද ජීවයේ ගැටළුව නොවිසඳේ. මන්ද, ගැටළුව වන්නේ මිනිසා නොව, ගැටළුව වන්නේ සචේතනික බව වීම නිසාය. ගැටළුව වන්නේ මිනිස් ජීවිතයම නොව, සමස්ථයක් වශයෙන් සියලු ජීවයයි.
.
.
.
 - සංජය ශ්‍රීකාන්ත්

No comments:

Post a Comment